• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ජාතික ගීය ලියපු ආනන්ද සමරකෝන් මැරිලා නෙමෙයි මරලා…

September 22, 2020
in Exclusive, Uncategorized
A A
ජාතික ගීය ලියපු ආනන්ද සමරකෝන් මැරිලා නෙමෙයි මරලා…

රටක ජාතික ගීතයට තියෙන වටිනාකම කාටවත් අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕනෑ නැහැ. ජාතික ගීයක වටිනාකම වෙන කිසිම දෙයකට සමාන කරන්නත් බැහැ. ඒ වගේම ජාතික ගීය කියන්නේ හරිම සංවේදී දෙයක්. අපේ රටේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන්න ඉඩ ලබා දුන්නු එකට ජනතාව එක එක විදියේ ප්‍රතිචාර දක්වන්න ගත්තෙත් ඒ සංවේදීකම හින්දයි.
ජාතික ගීය තරමටම ජාතික ගීයේ රචකයාටත් ජාතියෙන් හිමි වන ගෞරවය ඉතාම ඉහළයි. අපේ ජාතික ගීය රචනා කළ ආනන්ද සමරකෝන් මහත්මයා පිළිබඳවත් අපි හැම දෙනා තුළම තියෙන ගෞරවය අදටත් ඒ වගේම ඉතා ඉහළයි. ඒත් සමරකෝන් මහත්මයාට නිසි ගෞරවය අපේ රටෙන් ලැබුණද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන දැන් රටේ ලොකු ආන්දෝලනයකුත් ඇති වෙලා තියෙනවා. පසුගිය දවසක තිබුණු සංවාදයකදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා සිදු කළ හෙළිදරව්වක් හින්දා තමයි ඒ කතාබහ ඇති වුණේ. ඒ කතාව ජාතික ගීය තරමටම සංවේදී එකක්.
ශ්‍රී ලංකාවේ ජාතික ගීය රචනා කළ ආනන්ද සමරකෝන් මහත්තයා මිය ගියේ සියදිවි නසා ගැනීමක් හින්දා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ඒත් ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා කියන්නේ ඒක සියදිවි නසා ගැනීමක් නෙවෙයි ඝාතනයක් කියලයි. ජාතික ගීයේ රචකයාව ඝාතනය කළ රටක් ගැන අපි අහලා නැහැ. මේ කතාවේ සංවේදී බව වැඩි වෙන්නේ ඒ හින්දමයි. බණ්ඩාරනායක මහත්මයා කියන්නේ ජාතික ගීයේ රචකයා ඝාතනය කළ ලෝකයේ එකම රට ලංකාව කියලයි.

ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාගේම වචනවලින් ඒ කතාව කියනවා නම් මෙහෙමයි. “ආනන්ද සමරකෝන් මහත්මයාට ගුවන් විදුලි සංස්ථාවෙන් කෝල් එකක් දීලා කියනවා ජාතික ගීය මේ රටේ පාලකයන්ට අපලයි. ඒ හින්දා පාලකයෝ ආරක්ෂා වෙන්න ඕනෑ නම් මේකෙ ගණ හරියට පිහිටුවලා මේක නැවත ගායනා කරවන්න ඕනෑ කියලා. ඒක කවුද කිව්වේ කියලා එතකොට එතුමා අහනවා. ඒක කිව්වේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ උපදේශකවරු කියලා එතුමට පිළිතුරු ලැබෙනවා. සමරකෝන් මහත්මයා ඒ උපදේශකවරුන්ට කතා කරනවා. කතා කරලා මෙන්න මෙහෙම කියනවා. මේකේ කිසිම ගණ වැරැදීමක් නැහැ. මම ගණ ශාස්ත්‍රය ඉගෙන ගත්තේ ඉන්දියාවෙදි. ඒ හින්දයි මට ගණ ශාස්ත්‍රය පිහිටියේ. ලංකාවේ කවුරුවත් ගණ ශාස්ත්‍රය දන්නේ නැහැ.
එතකොට අර උපදේශකවරු මේ ගැන මැතිනියට පැමිණිලි කරනවා. එයා ඒක වෙනස් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මැතිනිය සමරකෝන් මහත්මයාට කතා කරලා ඒක වෙනස් කරන්න කියනවා. ඒත් ලැබෙන්නේ අර උත්තරයමයි. ඊට පස්සේ මැතිනියයි, අර උපදේශකයොයි එකතු වෙලා මේක වෙනස් කරනවා. කලින් තිබුණු “නමෝ නමෝ මාතා” ගීතය වෙනස් කරලා සමරකෝන් මහත්මයාට ගුවන් විදුලියෙදි අහන්න දුන්නා. ඒක ඇහුව එතුමා එදා ගෙදර ගියා. පහුවදා උදේ එතුමා නැවත නැගිට්ටේ නැහැ. එදායින් පස්සේ එතුමා කවදාවත් නැවත නැගිට්ටේ නැහැ. බොන්න තිබුණු බෙහෙත් පෙති ඔක්කොම එක සැරේ බීලා එතුමා සිය දිවි නසා ගෙන කියලා පස්සේ දැන ගත්තා.” ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා ඒ කතාව කියන්නේ එහෙමයි.
ආනන්ද සමරකෝන් මහත්මයාගේ පුතා තමයි පසු කාලයකදී මේ කතාව බණ්ඩාරනායක මහත්මයත් එක්ක කියලා තියෙන්නේ. අවසන් වරට සමරකෝන් මහත්මයා ලියපු ලිපි තුනකුත් තමන් සතුව තියෙන බව එහිදී බණ්ඩාරනායක මහත්මයා ප්‍රකාශ කරනවා.
මේ කතාවත් එක්ක ඒ ගැන රටේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙන හින්දා අපි ඒ ගැන අදහස් ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. ඒත් පාලකයන්ට හොඳ නැහැ කියලා ගණ වෙනස් කෙරුවත් ඒ හරහා ජනතාවට අත්වුණු යහපතක් නැති බවත් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. සමහරවිට සමරකෝන් මහත්මයාගේ ජාතික ගීයේ තිබුණු ගණ පිහිටීම මීට වැඩිය ජනතාවට හොඳ වෙන්න ඇති. ගණ පිහිටීම වෙනස් කළාට පස්සේ ඒක පාලකයන්ට විතරක් හොඳ වෙලා ජනතාවට නරක් එකක් වුණාද කියන්නත් බැහැ.

චන්දන පොන්නම්පෙරුම

Share54Tweet34SendShare13
Previous Post

සජීවී කෝප් විකාශය නවතී?

Next Post

බැසිල් යළි වත්තෙන් පටන් ගනී

MORE NEWS

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)
Exclusive

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)
Exclusive

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper