කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායනය සදහා යොමු කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් ඔහුගේ නිවස පිහිටි ප‍්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින් මෙසේ නිරෝදායනයට යොමු කළ බව වාර්තා වේ.
පසුගිය මස 08 වෙනිදා ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණි අයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙලි වූ අතර ඔහු නෞකාවල රාජකාරි කරන්නෙකි.
ඔහු දින 14ක් නිරෝධායනය අවසන් කර නිවසට වී දින 14ක් නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයෙක් බව තහවුරු විය.
නිරෝධායනයට යොමු කළ පිරිස අතර ඔහුගේ පවුලේ 11 දෙනෙකුද වෙයි.