Exclusive
තරුණයකුගේ සිරුරකින් මැල්සිරිපුර පිස්සු වැටෙයි
Published
1 month agoon

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය තරුණයකුගේ දේහය ඔහුගේ නිවසට රැගෙන ගොස් දිනකට පසු කොවිඩ් යැයි කියා සෞඛ්‍ය අංශ එම දේහය රැගෙන යෑමට උත්සාහ දැරීමත් සමග මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශය ඊයේ (21 වැනිදා) අතිශයින් උණුසුම්කාරී විය.
මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අවිවාහක තරුණයකු හදිසියේ රෝගාතුරව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත්තේ මීට දින දහයකට පෙරය.
අදාළ තරුණයා අක්මාවේ ආබාධයකින් පෙළෙන බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දිනෙන් දින රෝගය උත්සන්න වී ඔහු ඉකුත් 20 දා මියගොස් ඇත. පසුව කුරුණෑගල ශික්ෂණ රෝහල ඔහුගේ දේහය ඥාතීන්ට භාර දී තිබේ.
ඒ අනුව මියගිය තරුණයාගේ දේහය මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට එදින සවස ගෙනා ආ අතර 21 වැනිදා එම නිවසට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් එය කොවිඩ් ආසාදිත දේහයක් බව පවසමින් ආපසු රැගෙන යෑමට සූදානම් වී තිබේ.
එම අවස්ථාවේ මියගිය තරුණයාගේ ඥාතීන් හා හිතවතුන් එයට දැඩි ලෙස විරෝධය පා ඇති අතර සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශයේ ජනතාව අතර දැඩි කැළඹීමක් ඇති විය. ප්‍රදේශවාසීන් දේහය සෞඛ්‍ය අංශ වෙත භාරදිය යුතු බව පවසා සිටි අතර ඥාතීන් එම තීරණය එක හෙළා විරුද්ධ වූහ.
ඒ වන විට ජනතාව විශාල සංඛ්‍යාවක් එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වී සිට ඇති අතර මෙම සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශවාසීහු තම නිවෙස්වලින් පිටට නොගොස් නිවෙස් තුළට වී දොර ජනෙල් වසා සිටියහ. මේ හේතුවෙන් ඊයේ දින නීරම්මුල්ල ගම්මානය හුදකලා කළ ගම්මානයක් ලෙස දිස් වූ අතර පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණි.
අවසානයේ ගොකරැල්ල පොලිසියේ මැදිහත්වීමෙන් ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් ගෙන්වා දේහයට පාංශුකූලය ලබා දීමෙන් පසු එම දේහය සෞඛ්‍ය අංශ වෙත නැවත භාරදීමට ඥාතීහු පියවර ගත්හ.
You may like
කෙහෙළිය ඉන්නේ හෙළුවෙන්: ශ්‍රීලනිපයේ චන්දිමගෙන් ආණ්ඩුවට යළි ප්‍රහාරයක්
ආදරය සහ කෑදරය අන්තිමට ඉතුරු වූ කරදරය: බඩල්කුඹුරෙන් වේල්ල වීදියට ආ ඛේදවාචකයේ සම්පූර්ණ කතාව මෙන්න CID SPECIAL
සියලුම කතෝලික පල්ලි කළු වෙයි (PHOTOS)
බොන්න සල්ලි නොදුන්නාට බලන්ගොඩ මුනුපුරා ආච්චිට ගිනි තියයි
කොරෝනා එන්නත රුපියල් 1000යි
ලංකාවේ ජන්දය මාර්තු 22

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
