• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, June 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මහින්ද-රනිල් ගල්ලෙන සජිත් බිඳීද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

July 25, 2020
in Exclusive, Gurudawa, Uncategorized
A A
මහින්ද-රනිල් ගල්ලෙන සජිත් බිඳීද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

‘රනිල් වික්‍රමසිංහ – ඔබතුමා තමයි බස්නාහිර නායකත්වයට විරුද්ධව නැඟිටලා ඉන්නේ‘ (බාධා කිරීම්)
‘මහින්ද රාජපක්‍ෂ – අපිට නායකයෙක් ඉන්නවා. අපි ඒක ගැන බලාගන්නම්.‘
‘රනිල් වික්‍රමසිංහ – කුමාරණතුංග මැතිනිය නායිකාවක්ද?‘
(23.04.1992 – පාර්ලිමේන්තුව)

මේ 1992 එවකට කර්මාන්ත ඇමැති රනිල් සහ විපක්‍ෂ මන්ත්‍රි මහින්ද අතර පාර්ලිමේන්තුවේ ඇති වූ වාදයකි. මෙය බොරු වාදයක් බව එදා හැමෝම දැන සිටියහ. එකල මහින්ද හිටියේ චන්ද්‍රිකා විරෝධී පිලෙහිය. එකල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ගිනි කඳු පිපිරෙන කාලයයි. රනිල් චන්ද්‍රිකාගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ අවුස්සන්නේ මහින්දගේ වුවමනාවට බව චන්ද්‍රිකා විරෝධී පිලෙහි නායක අනුර පමණක් නොව චන්ද්‍රිකා හිතවාදී මන්ත්‍රීවරුද දැන සිටියහ.
හරියටම ඉන් මාසයකට පසු 1992 මැයි පළමුවැනි දින මැයි රැලියට පසු මහින්ද පාර්ලිමේන්තුවේ අපූරු කතාවක් කීවේය.

‘මේ විවාදයේදී මතක් කළ යුතු තවත් දෙයක් තිබෙනවා. එදා යූ.එන්.පී. මැයි දින රැලියේ රනිල් වික්‍රමසිංහ ඇමැතිතුමා කතා කරනකොට හූවක් තියන්න සංවිධානය කරපු ඇමැතිවරුන් ඉන්නවා. මේකේ (බාධා කිරීම්) මම අහන්නේ මෙන්න මේකයි. අපි පුදුම වන්නේ නැහැ. අපව පාගලා දමන්න උත්සාහ කිරීම ගැන. අපට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව නොදීම ගැන රනිල් වික්‍රමසිංහ අමාත්‍යතුමා වගේ අමාත්‍යවරයකු මැයි දිනයේදී කතා කරනකොට සමහර අමාත්‍යවරුන් සංවිධානය කර ඒ අවස්ථාවේදී රනිල්ට ‘හූ’ කියෙව්වා. එසේ ‘හූ’ කියැවීමෙන්ම පෙනෙනවා තමුන්නාන්සේලාගේ ඇතුළේ ඉන්න උදවියටත් අමාත්‍යවරුන්ටත්, තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අනෙක් අමාත්‍යවරුන් ඉඩ දෙන්නේ නැහැ කියන එක. ඒකයි තත්ත්වය. (බාධා කිරීම්) මොකද අමාත්‍යතුමා කියන්නේ? (බාධා කිරීම්) මොකද, මල්ලිමාරච්චි අමාත්‍යතුමා කියන්නේ ? ‘හූ’ කියෙව්වේ කවුද? (බාධා කිරීම්)
(21.05.1992 – පාර්ලිමේන්තුව)

මහින්ද මේ කතාව කීවේ රනිල්ගේ වුවමනාවට බව ප්‍රේමදාස ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රිවරු පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරුද දැන සිටියහ.
මහින්දගෙයි, රනිල්ගෙයි දේශපාලන ගනුදෙනුව පටන් ගත්තේ ඔන්න ඔහොමය. මේ ගනුදෙනුව මාරම ගනුදෙනුවක් වන්නේ රනිල් යූ.ඇන්.පී. නායක වී සජිත් හම්බන්තොටට ඡන්ද කරන්න ආ විටදිය.
සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනයේ පමණක් නොව ලෝක දේශපාලනයේත් තාත්තාගේ අඩි පාරේ යන පුත්තු දේශපාලනය කරන්න තෝරා ගන්නේ තාත්තා ඡන්දෙ ඉල්ලපු ආසනය. ඉන්දියාවේ නේරු, ඉන්දිරා ගාන්ධි, රජීව් ගාන්ධිගේ සිට අද රාහුල් ගාන්ධි තරග කරන්නේත් ගාන්ධිලා පාර්ලිමේන්තුවට ගිය ඇමැති ආසනයය. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ මෙන්ම චන්ද්‍රිකා පාර්ලිමේන්තු ගියේත් ගම්පහ අත්තනගල්ල ආසනයෙන්ය. ඩී. ඒ. රාජපක්‍ෂ, මහින්ද සහ නාමල්ද පාර්ලිමේන්තුවට ආවේ හම්බන්තොට, බෙලිඅත්ත ආසනයෙන්ය. හැබැයි ප්‍රේමදාසගේ පුතා සජිත් දේශපාලනයට එන විට ඔහුට තම පියාගේ ආසනය වූ මැද කොළඹ ආසනය හිමි වූයේ නැත.
ප්‍රේමදාස ඝාතනය වූවාට පසු ප්‍රේමදාස බිරිය හේමා ප්‍රේමදාස මැද කොළඹ ආසනය ඉල්ලා සිටියත්, එවකට ජනාධිපති සහ යූ.ඇන්.පී. නායක විජේතුංග මැද කොළඹ ප්‍රේමදාස පවුලට දෙන්න අකැමැති වූයේ ඒ වෙන කොටත් එවකට අගමැති රනිල් ඔහු පාර්ලිමේන්තුවට ආ බියගම ආසනය අතහැර මැද කොළඹට එන්න තීරණය කර තිබුණු නිසාය. 1993 පළාත් සභා මැතිවරණයේදී රනිල් බියගම ආසනය පරාජය වී තිබූ අතර අගමැතිත් ආසනය පරාද යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය උපහාසයට ලක්කොට තිබුණි. රනිල් මැද කොළඹට ආ නිසා ප්‍රේමදාස පවුලට මැද කොළඹ පමණක් නොව නාම යෝජනාද අහිමි විය. නාම යෝජනා ලබා ගන්න අන්තිම මොහොතේ හේමා ප්‍රේමදාස කොළඹ නාම යෝජනා භාර ගන්නා මධ්‍යස්ථානයට දිව ගියත් යූ.ඇන්.පී. ලැයිස්තුවේ හේමාගේ නම කපල තිබුණි.
1994 මහ මැතිවරණයට පසු ප්‍රේමදාස පවුලට මැද කොළඹ ආසනය දෙන්න පොරොන්දු වුණේ විපක්‍ෂ නායක සහ යූ.ඇන්.පී. ජනාධිපති අපේක්‍ෂක ධුරයට පත් ගාමිණී දිසානායකය. ගාමිණී හේමා සහ සජිත් සමඟ සුචරිතයට ගොස් ප්‍රේමදාස ඡායාරූපයට මල්මාලා පලඳවා යළි ප්‍රේමදාසලා මැද කොළඹට ගෙන එන්න මැද කොළඹ ජනතාවට පොරොන්දු විය. එකල ගාමිණී හිටියේ රනිල් සමඟ තරහින්ය. ඔහු චෝදනා කළේ රනිල් ඔහුව පරද්දන්න චන්ද්‍රිකා සමඟ කුමන්ත්‍රණය කරනවා කියාය.
ජනාධිපතිවරණය මැද ගාමිණී ඝාතනය විය. රනිල් යූ.ඇන්.පී. නායකයා බවට පත්විය. ප්‍රේමදාසලාට මැද කොළඹ ගැන තිබූ ආශාව අතහැර ගන්න සිදුවිය. සජිත්ට සිදු වූයේ හම්බන්තොට තෝරාගන්නටය. රනිල් සජිත්ට කොළඹ ආසනයක් දෙන්න අකැමැති විය. එපමණක් නොව ගාමිණී ඝාතනය නිසා යූ.ඇන්.පී. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිස් විය. එවකට පක්‍ෂ සභාපති හමීඞ් ඒ මන්ත්‍රී ධුර දෙක සජිත්ට සහ ගාමිණීගේ පුත් නවීන්ට දෙන ලෙස යෝජනා කළේය. ඒත් රනිල් ඒ මන්ත්‍රි ධුර දෙක මාධ්‍යවේදී දිනේෂ් දොඩම්ගොඩට සහ නීතිඥ සරත් කෝන්ගහගේට ලබා දුන්නේය. සජිත් සහ නවීන් යොවුන් පෙරමුණේ සභාපති, ලේකම් ධුරවලට ඉදිරිපත් වුවත් රනිල් ඔවුන්ට එම තනතුරු සඳහා තරග කිරීමට ඉඩ දුන්නේ නැත.
අන්තිමේදී සජිත් හම්බන්තොටටම සීමා විය. ඒත් ඔහු ගමක් ගමක් ගානේ යමින්, ගෙයක් ගෙයක් ගානේ යමින් දේශපාලනය කළේය. මෙය හම්බන්තොට සිය දේශපාලන බළකොටුව බවට පත්කරගත් මහින්ද සහ රාජපක්‍ෂ පවුල ඉවසුවේ නැත. මහින්ද ඒ වෙලාවේ සජිත්ගේ හම්බන්තොට තටු කපන්න පිහිට පැතුවේ රනිල්ගෙන්ය. එකල හම්බන්තොට යූ.ඇන්.පී. මන්ත්‍රී මර්වින් සිල්වා පාවිච්චි කොට සජිත්ට පහර ගැසීය. මහින්ද එයට ප්‍රතිඋපකාර වශයෙන් චන්ද්‍රිකාගේ ආණ්ඩුව දැඩි සේ විවේචනය කළේය. රනිල් සජිත්ට යූ.ඇන්.පී.යේ තනතුරකට ඒමට තිබෙන ඉඩකඩ අහුරා තිබුණි. සජිත්ට හම්බන්තොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැරයන්ට මුහුණ දෙන්න සිදුවූ අතර, වරක් හම්බන්තොට ඡන්ද ව්‍යාපාරයේ යෙදී සිටියදී සජිත්ගේ බිරිය ජලනි ප්‍රේමදාස වෙඩි තැබීමකින් බේරුණේ අනූනවයෙනි. ජලනිට තැබූ වෙඩිපහර තවත් අයකුට වැදුණි. ඒත් සජිත් 2000 මහ මැතිවරණය සහ 2001 මහ මැතිවරණයත්, 2002 පළාත් පාලන මැතිවරණයත්, හම්බන්තොට දින්නේය. 2000 මහ මැතිවරණයේදී යූ.ඇන්.පී.ය අන්ත ලෙස පරාජය වෙද්දී සජිත් හම්බන්තොට දිස්ත්‍රික්කය දින්නේය. 2001දී චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටවන්න මහින්ද රනිල්ට උදව් කළේය. මේ සාකච්ඡා පැවැතියේ මහින්දටත්, රනිල්ටත් ඥාති වූ හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් සෑම් විජේසිංහගේ නිවෙසේදීය. 2001 මහ මැතිවරණ පරාජයෙන් පසු එවකට ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායිකා චන්ද්‍රිකා විපක්‍ෂ නායක ධුරයට රත්නසිරි පත්කළත් රනිල් මහින්දව විපක්‍ෂ නායක කරන්න කතානායක අනුමැතිය ලබා දුන්නේය. සජිත් රනිල්ගේ ඒ ආණ්ඩුවේ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ධුරය ගත්තේත් රනිල්ට බලපෑම් කරලාය. මහින්ද විපක්‍ෂ නායක ධුරයට පත්වූ පසු හම්බන්තොට සජිත්ව දුර්වල කළේය. 2004 මහ මැතිවරණයේ අගමැති වී 2005 ජනාධිපතිවරණයේ ජනාධිපති වී සජිත්ට හම්බන්තොට ඔළුව උස්සන්න බැරි තරමට සජිත්ගේ දේශපාලනය අඩපණ කළේය. එදා රනිල් මහින්ද සමඟ ඩීල් නොදමා සජිත්ව හම්බන්තොට ශක්තිමත් කළා නම් රාජපක්‍ෂලා කවදාවත් රජ වෙන්නේ නැත. සජිත්ව විනාශ කරන්න මහින්දව ගොඩදමපු රනිල් 2005දී මහින්ද අතින්ම පරාජයට පත්වන්නේ ඛේදජනක ලෙසය. 2004 රනිල්ට අගමැති ධුරය අහිමි වන්නේත් මහින්ද අගමැති වීමෙන්ය.
සජිත් යූ.ඇන්.පී.යේ මතු වීම වළක්වන්න රනිල් යූ.ඇන්.පී.ය තුළ කොයි තරම් තරුණයන්ට හුළං ගැහුවත් සජිත් 2010 සම්මේලනයේදී සිරිකොත බලය පෙන්නුවේය. ඒ වන විට ජනාධිපති වූ මහින්ද රනිල්ගේ උදව්වට ආවේය. සිරිකොත පාර කාපට් කෙරුණි. නායකත්වය සඳහා ඡන්දය විමසන දවසේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන්ට පෞද්ගලිකව කතා කොට මහින්ද රනිල්ගේ නායකත්වය ශක්තිමත් කළේය. මහින්ද හිතාගෙන හිටියේ රනිල් සජිත්ව වළකා කෙසේ හෝ 2015 ජනාධිපතිවරණය එයි කියලාය. ඒත් තමන්ගේම පක්‍ෂ ලේකම් මෛත්‍රිපාල යූ.ඇන්.පී.යේ අපේක්‍ෂක වෙනවා මහින්ද දන්නේත් නැත. රනිල් තරග කරන්න තීරණය කර තිබුණත් රනිල්ට තරගයෙන් ඉවත් වී මෛත්‍රිට අපේක්‍ෂකත්වය දෙන ලෙස බලපෑම් කළේ දමිළ ජාතික සන්ධානය සහ විදේශ බලවේගය.
2015 පරාජයෙන් පසු මහින්ද මැදමුලනට ගියත් මහින්දට දේශපාලනයෙන් ඉවත් නොවන ලෙසට උපදෙස් දුන්නේ රනිල්ය. හේතුව මෛත්‍රි මහින්දව දේශපාලනයෙන් ඉවත් කොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත මෛත්‍රි දිනාගතහොත් මෛත්‍රි රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කරයි කියන බයටය. මෛත්‍රි මහින්දවත් රාජපක්‍ෂලාවත් කොටුකරන්න යද්දී රනිල් රාපක්‍ෂලාව බේරා ගත්තේය. රනිල් හිතුවේ රාජපක්‍ෂලා වෙනම පක්‍ෂයක් හැදුවාම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඡන්ද දෙකඩ කරල රනිල්ට ජනාධිපති වෙන්න පුළුවන් කියාය. ඒත් යළිත් වතාවක් මහින්ද නිසා රනිල්ට අගමැති ධුරය නැති විය.
මහින්ද ගෝඨාභය ජනාධිපති කොට අගමැති ධුරය භාරගෙන රනිල්ට උපදෙස් දෙන්නේ යූ.ඇන්.පී.ය අල්ලා ගෙන ඉන්න කියාය. මහින්ද හිතන්නේ හම්බන්තොටදී තමා සමඟ හැප්පුණු සජිත් යූ.ඇන්.පී. නායකයා වී තමා සමඟ සටනට ඒම කෙසේ හෝ වළක්වන්නටය. රනිල් හිතන්නේත් සජිත්ව හම්බන්තොටම තියල සජිත් ලව්වා මහ මැතිවරණ සටන මෙහෙයවගෙන මහ මැතිවරණයෙන් පසු විපක්‍ෂ නායක සහ පක්‍ෂ නායක යන තනතුරු දෙකම තියාගෙන සජිත්ව දේශපාලනයෙන් ඉවර කර දමන්නටය. ඒත් සජිත් මෙවර මහින්ද – රනිල් දේශපාලන අධිරාජ්‍යයට එරෙහිව කැරැලි ගහන්නේ අලුත් පක්‍ෂයක් හදමින්ය. ඔහු ඒ කැරැල්ල ගහන්නේ වසර 31කට පසු ප්‍රේමදාස බළකොටුව වූ මැද කොළඹට ඇවිත්ය. සජිත්වත් ඒ අලුත් පක්‍ෂය වූ සමඟි ජන බලවේගයත් විනාශ කරන්න මහින්ද රාජ්‍ය මාධ්‍යය සහ රාජපක්‍ෂවාදී පෞද්ගලික මාධ්‍යවල ප්‍රචාරය රනිල්ට සහ රනිල්ගේ යූ.ඇන්.පී.යට නොඅඩුව ලබා දෙමින් සිටී. කැෆේ සංවිධානයට අනුව රූපවාහිනිය ප්‍රධාන ප්‍රවෘත්තිවල තත්පර 1250ක් යූ.ඇන්.පී.යට දෙන විට සජිත්ගේ සමගි ජන බලවේගයට දෙන්නේ තත්පර 275කි. ආණ්ඩුවේ මාධ්‍ය පමණක් නොව රාජපක්‍ෂවාදී මාධ්‍යද ජාතික යැයි කියා ගන්නා පුවත්පත්ද අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්තියය. අද මේ මාධ්‍යයට බැඳුම්කරය තහනම් වචනයක්ය. මේ මධ්‍ය හිතන්නේ රටේ ජනාධිපති සේම විපක්‍ෂ නායකයා පත්විය යුත්තේත් තමන් හිතන පතන විදියට කියාය.
‘යූ.ඇන්.පී. නායකයා විය යුත්තේ කවුද? විපක්‍ෂ නායක විය යුත්තේ කවුද කියන එකත් රාජපක්‍ෂවාදී මාධ්‍යයන්ට තීරණය කරන්න මිනිස්සු ඉඩ දෙයිද…?’
ඒක බලාගන්න පුළුවන් මේ ඡන්දයේදීය. කොහොම වුණත් මහින්දගේ දේශපාලනයට වයස වසර 50කි. රනිල්ගේ දේශපාලනයට වයස 43කි. සජිත්ගේ දේශපාලනයට වයස වසර 20කි. මහින්දගේ වයස 74කි. රනිල්ග් වයස 71කි. සජිත්ගේ වයස 53කි. මේ 53 දේශපාලන තරුණයා මහින්දගේ සහ රනිල්ගේ මහලු දේශපාලන අධිරාජ්‍යය නමැති ගල්ලෙන බිඳියිද, නැද්ද කියා දන්නේ උඩ ඉන්න දෙයියෝ පමණය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

Share52Tweet33SendShare13
Previous Post

යුරෝපය ලංකාවට දොර වහද්දී බ්‍රිතාන්‍ය ලංකාවට දොර අරියි

Next Post

මහින්දට බය ත්‍රිකෝණය (රටේ පැත්ත)

MORE NEWS

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)
Exclusive

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)
Exclusive

රන්ජන් ‌ෆේස්බුක් එකෙන් හරීන්ට කන පැලෙන්නම ගහයි! (VIDEO)

June 28, 2022
අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)
Exclusive

තවත් අමාත්‍යංශයක් ගැසට් කරයි! ඇමැති ජනාධිපතිමයි!

June 28, 2022
හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)
Exclusive

හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

June 28, 2022
නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)
Exclusive

නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

June 28, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව, බංකර්වල සැඟවී සිටි රාජපක්ෂවරුන් එළියට...

Read more
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)

රන්ජන් ‌ෆේස්බුක් එකෙන් හරීන්ට කන පැලෙන්නම ගහයි! (VIDEO)

June 28, 2022
අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)

තවත් අමාත්‍යංශයක් ගැසට් කරයි! ඇමැති ජනාධිපතිමයි!

June 28, 2022
හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

June 28, 2022
නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

June 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net