හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘පිබිදෙමු පොලොන්නරුව’ වැඩසටහන යටතේ කෝටි 4000කට අධික මුදලක් ගසා කා ඇති බවට විශාල චෝදනාවක් මේ වනවිට ඉදිරිපත්ව ඇත.
මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අවධාරණය කරන්නේ සිරිසේන මහතා ‘පිබිදෙමු පොලොන්නරුව’ වැඩසටහන යටතේ කෝටි 6300ක් පොලොන්නරුවට වියදම් කළ බව කීවද ඉන් කෝටි 4000කට වඩා ගසා කා ඇති බවකි.
මේ සම්බන්ධයෙන් තමන් වෝහාරික විගණනයක් පවත්වන ලෙසට ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කිරීමට සූදානමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද සදහන් කෙළේය.
‘මෙතැනදී අපි බලන්න ඕනෑ දේ හතරවිලිලැජ්ජාවක් තියෙනවා නම් මෛත්‍රිපාල සිරිසේනට පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද කියල. එයාට තනතුරක් නැතුව ඉන්න බැහැ. එහෙම නැතුව මේ ඡන්දෙ ඉල්ලන්නේ මිනිස්සුන්ට තියෙන ආදරේකට නෙමෙයි.
මම පොළොන්නරු ජනතාවට කියනවා මේ සැරේ හොඳට බලන්න ශ්‍රී ලංකා යූඑන්පී, පොහොට්ටු මොන පක්ෂය බලයට ආවත් ඇමැතිකම් ගත්ත අය කවුද කියලා. එයාලව පරාද කරන්නම ඕනෑ. මෛත්‍රිපාල සිරිසේන පිබිදෙන පොළොන්නරුව කියල තනිකරම කළේ මූල්‍ය වංචාවක්. කෝටි හයදහස් තුන්සීයක් පොළොන්නරුවට වියදම් කළා කියලා කියනවා. ඒත් මම ඉතා වගකීමෙන් කියනවා කෝටි හාරදහසකට වඩා ගසා කෑවා.
මම ජනාධිපතිතුමාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කරන්න සූදානම් මේ පිළිබඳ වෝහාරික විගණනයක් සිදු කරන්න කියලා.’