රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උග්‍ර විරෝධියකු ලෙස සැලකෙන රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි හට විස ශරීරගත කොට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
මේ හේතුවෙන් නාවල්නි මේ වනවිට කෝමා තත්ත්වයට පත්ව තිබේ.
රුසියාවේ ටොම්ස්ක් නගරයේ සිට මොස්කව් නුවර බලා ගුවන් යානයකින් එමින් සිටියදී විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි හට තේ කෝප්පයක් ලබා දී ඇති අතර එය පානය කිරීමත් සමග නාවල්නි අසනීප වී ඇති බව පැවසේ.
ඒ හේතුවෙන් ඔහු ගමන් කළ ගුවන් යානය ඔම්ස්ක් ගුවන්තොටුපළ වෙත හදිසියේ ගොඩ බෑමකට ලක්කොට ඇත.
විපක්ෂ නායකවරයා ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වි සිටින බවත්, ඔහුගේ දිවි බේරා ගැනීම සඳහා මහත් ප‍්‍රයත්නයක් දරමින් සිටින බවත් ඔහුගේ වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.