පසුගිය ඔක්තෝබර් 22 දාතමින් වරාය හා නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ කටයුතු සූදානම් කිරීම සඳහා ඉදිරිපත් කළ නව කැබිනට් පත්‍රිකාවක් මේ වනවිට මාධ්‍යට ලැබී තිබේ.
මීට පෙර පසුගිය ජුනි 20 දාතමින් එවකට වරාය හා නාවුක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින්ද මෙම අදහස ඉදිරියට ගෙනයාම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර මහ මැතිවරණය ආසන්නයේ මේ පිළිබඳව පැනනැගුණු වරාය සේවක විරෝධතා අතරතුර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඔවුන්ට පොරොන්දු වී තිබුණේ එම පැවරීමේ ගනුදෙනුව නතර කිරීම පිළිබඳව සලකා බලන බවය.




