වෑතර දිසා රෝහලේ විශාල අඩුපාඩුවක්ව පැවති රෝගීන්ගේ හෘද වස්තුව පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම සදහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සංවිධාන කොට තිබූ උත්සවයක් අත්හිටුවීමට මැතිවරණ කොමිසම් සභාව පියවර ගෙන ඇත.
රුපියල් ලක්ෂ 37 වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පොල්ගස්ඕවිට වෑතර දිසා රෝහලට අද (23) දිනයේ පරිත්‍යාග කිරීමට නියමිතව තිබූ අතර ලද පැමිණිල්ලක් හේතු කොට ගෙන එය අත්හිටුවීමට කොමිසම පියවර ගෙන තිබේ.
මෙම අවස්ථාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී දයාරත්න බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් අභයගුනරත්න, නීතීඥ එරන්ද වැලිඅංගගේ , හෝමාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංග අබේසිංහ මහතා ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
මෙම උත්සවය පෙරවරු 10 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් පැයක පමණ කාලයක් ප්‍රමාද වූ අතර එම අවස්ථාවේ දී උත්සව භූමියට පැමිණි මොරටුව සහකාර පොලිස් අධිකාරී රමිඳු ද සිල්වා මහතා සහ කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතා සංවිධායකයින්ට දන්වා සිටියේ මෙම උත්සවය නවතා දමන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 96 වෙනි ජන්ම දිනය නිමිතිකොටගෙන සුවහසක් රෝගීන්ගේ ප්‍රයෝජනය උදෙසා හෝමාගම වෑතර රෝහලට අද (23) රු.තිස් හය ලක්ෂ අසූ පන් දහසක් වටිනා අත්‍යාවශ්‍ය සෞඛ්‍යමය උපකරණ ලබා දීමට කටයුතු සූදානම් කොට තිබුණි.
ඒ අනුව,
Hand held doppler (1) රු. 135,000/=
Patient monitor (1) රු. 850,000/=
Cardiac bed (1) රු. 550,000/=
ECG machine (2) රු. 350,000/=
Autoclave machine (3) රු. 1,80,000/= යන අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ ඒ අතර විය.