පැහැරගත් බවට චෝදනා එල්ල වී ඇති ස්විස් තානාපති කාර්යාල කාන්තාව සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කාස්සිස් මහතා විසින් ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හට දුරකතන ඇමැතුමක් ලබා දී අදහස් විමසා ඇත.
මෙහිදී දෙදෙනා අතර දීර්ඝ අදහස් හුවමාරුවක් සිදුව ඇති බව දැනගන්නට ඇති අතර පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා ස්විස් විදේශ ඇමැතිවරයාට කරුණු පහැදිලි කිරීමක් කර තිබේ.
එමෙන්ම ඇයට ලබා දිය හැකි සියලුම පහසුකම් ලබා දී ඇති බවත්, ඇයගේ සියලුම අයිතිවාසිකම් ආරක්ෂා කර ඇති බවත් අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදී තරයේ ප්‍රකාශ කොට ඇත.
දෙරට අතර සතුටුදායක මට්ටමින් පවත්නා හා ද්විපාර්ශ්වික සබඳතා සැළකිල්ලට ගනිමින් මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ලබා දිය හැකි සියලුම සහයන් ලබා දෙන ලෙස ස්විට්සර්ලන්ත අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කර ඇති බවද දැනගන්නට ඇත.