• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home News

20න් වෙන්නෙ රට ආපස්සට යන එක

October 19, 2020
in News, Politics, Uncategorized
A A
මාස 10ක් ගියත් තවම ආණ්ඩුව කොරෝනා නීති හදලා නෑ

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එල්ලවන විවේචනයන්ට පිළිතුරු ලබා දෙන ආණ්ඩු පාර්ශ්වය පවසන ප්‍රධාන කාරණය වන්නේ මෙය හුදෙක් 19 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ගෙන එන්නක් පමණක් වන බවය. එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ගෙන ආ සංශෝධනයක් බවද රජය නියෝජනය කරන දේශපාලඥයන්ගේ අදහස වී ඇත. 2015 වසරේදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තු සභානායකවරයා ලෙස කටයුතු කළේ වර්තමාන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. 19 වැනි සංශෝධනයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කිරිඇල්ල මහතා අප සමඟ සංවාදයකට එකතු වූ මෙසේය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විපක්ෂය විසින් දැඩි විරෝධයක් මතු කරලා තියෙනවා. ඇත්තටම මන්ත්‍රීතුමා 20 ඔය කියන තරම්ම නරකද?
20 වැනි සංශෝධනයෙන් සිද්ධ වෙන මූලිකම දේ මේකයි. දැනට ව්‍යස්ථාවට අදාළ පත්වීම් 70කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. 19 වැනි සංශෝධනය අනුව එම පත්කිරීම් සිදු කරන්න ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගන්න ඕනෑ. නුසුදුසු පුද්ගලයෙක් පත් කරනවා නම් එයට විරුද්ධ වෙන්න ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට පුළුවන්. නමුත් 20 වැනි සංශෝධනය සම්මත වුණාට පස්සේ එම තනි බලය ජනාධිපතිවරයාට හිමි වෙනවා. එතකොට රජයේ සියලුම උසස් නිලතල සඳහා පුද්ගලයන් පත් කරන්නේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාට හිතෙන ඕනෑම අවස්ථාවක එම නිලධාරීන්ව ධුරයෙන් පහ කරන්න පුළුවන්. එහෙම වුණාම එම නිලධාරීනුත් කිසිම බලයක් නැති තැනට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. වර්තමානයේදී ඇමැති මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයා, අගමැතිවරයාගේ උපදෙස් ලබා ගන්න ඕනෑ. නමුත් 20 වැනි සංශෝධනය සම්මත වුණාට පස්සේ ජනාධිපතිවරයාගේ තනි තීරණයට ඇමැති මණ්ඩලය පත් කිරීම සහ ඉවත් කිරීම සිදු කරන්න පුළුවන්. මේ සංශෝධනයේ එක් එක් වගන්තිය අරගෙන විග්‍රහ කළොත් එහි ඇති බරපතළකම වඩාත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. නමුත් සමස්තයක් විදියට ගත්තොත් තනි පුද්ගලයෙකුට අසීමිත බලයක් ලබා දෙන එක තමයි 20 වැනි සංශෝධනය හරහා කරන්නේ.
20 වැනි සංශෝධනය ගේන්නේ 19 වැනි සංශෝධනය ඉවත් කරන්න අවශ්‍ය හින්දා කියලයි රජය කියන්නේ. ඔබතුමාලා ගෙනාව 19 වැනි සංශෝධනය රටට නොගැලපෙන එකක් වීම නේද ඒකට හේතුව?
19 හොඳ නැත්නම් ඇයි වර්තමාන රජය නියෝජනය කරන බොහෝ දෙනෙක් ඒක සම්මත කරන්න ඡන්දය ලබා දුන්නේ. 19 පාර්ලිමේන්තුවට ගේද්දී අපිට පාර්ලිමේන්තුවේ හිටියේ මන්ත්‍රීවරු 42යි. 19 හොඳ නැත්නම් ඒක ලේසියෙන්ම පරාජය කරන්න ඒ අයට පුලුවන්කම තිබුණා. එවකට එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ සහාය නැතිව අපට කොහොමත් 19 සම්මත කරන්න බැහැ. 19 කියන්නෙ අපේ හිතුමනාපයට ගෙනාව සංශෝධනයක් නෙවෙයි. සිවිල් සමාජය, උසස් පරිපාලන නිලධාරීන් ඇතුළු සමාජයේ විවිධ කොටස් එක්ක සමාජ කතිකාවතක් ඇති කරලා තමයි අපි 19 ගෙනාවේ. ඒ වගේම ඒ ගැන විපක්ෂය එක්කත් අපි දීර්ඝව සාකච්ඡා කළා. එවකට හිටිය සභානායකවරයා විදියට මමත් විපක්ෂය එක්ක සාකච්ඡා වට ගණනාවකට සහභාගි වුණා. ඒ අයගේ යෝජනාත් අපි 19ට ඇතුළත් කළා. මුල් කෙටුම්පතේ ඇතැම් සංශෝධන සිද්ධ කළා. 20 වැනි සංශෝධනය වගේ තනි පුද්ගලයකුගේ වුවමනාවට නෙවෙයි 19 ගෙනාවේ.
නමුත් 19 වැනි සංශෝධනයේ ප්‍රධාන අරමුණ වුණේ රාජපක්ෂ පවුලේ දේශපාලනය නවත්වන එක කියලා විශාල චෝදනාවක් තියෙනවා. විශේෂයෙන් ද්විත්ව පුරවැසියන් සම්බන්ධයෙන් නීති පැනවූයේ බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඉලක්ක කර ගෙන කියලයි රජයේ පාර්ශ්වය කියන්නේ?
මට ආයෙත් අහන්න තියෙන්නේ ඇයි එහෙනම් ඔය කියන අය ඒකට ඡන්දය දුන්නේ කියලයි. ද්විත්ව පුරවැසියෙක් කියන්නේ රටවල් දෙකකට අයිති පුද්ගලයෙක්. රටවල් දෙකක නීති ආරක්ෂා කරන්න එවැනි පුද්ගලයෙක් බැඳී ඉන්නවා. ඒත් මේ අය ජනතාවගෙන් බලය ඉල්ලුවේ එක රටක් එක නීතියක් හදනවා කියලා. එහෙම කියලා ඇවිත් රටවල් දෙකක නීති දෙකක් යටතේ ඉන්න පුද්ගලයන්ට බලය ලබා දෙන්න හදනවා.
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බව 19 වැනි සංශෝධනය හරහා නීතියක් ලෙස සම්මත වෙලා තිබියදීත්, ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයන් මහ බැංකුව වැනි ප්‍රධාන ආයතනවල ප්‍රධානීන් ලෙස කටයුතු කළා නේද? එහෙම බැලුවම 19 ගෙනාව එකෙන් ප්‍රයෝජනයක් වෙලා නැහැ නේද?
අපි 19 වැනි සංශෝධනය යටතේ මුලින් ගෙනාවේ ද්විත්ව පුරවැසි භාවය ඇති අයෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සහ අගමැති, ජනාධිපති ලෙස කටයුතු කළ නොහැකි බවට වූ සංශෝධනය පමණයි. නමුත් 19 වැනි සංශෝධනයේ දෙවැනි වටය යටතේ රජයේ ප්‍රධාන නිලතල සඳහාත් ද්විත්ව පුරවැසියන් පත් කළ නොහැකි ලෙස නීතියක් ගෙන ආ යුතු බව අපි යෝජනා කරලා තිබුණා. ඒකත් සම්මත වෙලා තිබුණා නම් අර්ජුන් මහේන්ද්‍රන් වැනි පුද්ගලයකු අපේ රටේ මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වන්නේ නැහැ. 19 ඉදිරියට ගෙනිහින් එවැනි නීතිත් රටේ ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි කියලයි අපි කියන්නේ. නමුත් 19න් ඉස්සරහට ගිය රට ආපස්සට හරවන එක තමයි 20න් කරන්නේ.
ඔබතුමා කියන විදියට මේකෙන් රට ආපස්සට හැරවෙනවා නම් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරු ඒකට එකඟ වේවිද?
කොහොමත් වර්තමානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරු ප්‍රතිපත්තියක් ඇති අය නෙවෙයිනේ. මේ රටේ ස්වාධීන කොමිෂන් සභා පිහිටවූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. ඒ 17 වැනි සංශෝධනය හරහා. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හැම දෙනාම ඒකට අත් ඉස්සුවා. ඊළඟට 18 වැනි සංශෝධනය හරහා එම කොමිෂන් සභා අහෝසි කරන කොට ඒ අය ඒකටත් අත ඉස්සුවා. නැවත 19 හරහා ඒවා පිහිටුවන කොට ඒ අය ඒකටත් අත ඉස්සුවා. දැන් ආපහු ඒවා අහෝසි කරන්න 20ටත් ඒ අය අත උස්සනවා. ඒ අයගේ ප්‍රතිපත්තිය ඒකෙන්ම පේනවනේ. පසුගිය සංශෝධන තුනටම අත ඉස්සුව සහ 20ටත් අත උස්සන්න නියමිතව ඉන්න මන්ත්‍රීවරු තිස් ගාණක් විතර මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා.
19 අහෝසි කිරීම සඳහා තාවකාලිකව 20 වැනි සංශෝධනය ගෙනාවත්, ඉතාම ඉක්මණින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන බවත් රජය ප්‍රකාශ කරනවා. විපක්ෂය විදියට ඔබතුමාලා ඒකටත් විරුද්ධ වෙනවාද?
ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නේ හැම දෙනාගෙම අදහස් අරගෙන සකස් කරන්න ඕනෑ දෙයක්. අපි 19 සකස් කළේ එහෙමයි. ඒත් මේ ආණ්ඩුව 20 ගේන්න අපි එක්ක සාකච්ඡා කළේ නැහැ. ඒ අය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ගේන්න හිතාගෙන ඉන්නේ ඒ විදියට නම් අපිට ඒකට එකඟ වෙන්න බැහැ. සහයෝගය දෙන්න නම් අපි එක්ක සාකච්ඡා කරලා සංවාදයක යෙදෙන්න ඕනෑ.
ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුත් 20ට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් දක්වන බව පේනවා. මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ 20 සම්මත කරගන්න ආණ්ඩුවට පුළුවන් වේවිද?
අපේ සහාය නැතත් ආණ්ඩුවට 2/3ක බලයක් පාර්ලිමේන්තුවේ තියෙනවනේ. ඒ හින්දා 20 සම්මත කර ගන්න ඒ අයට පුළුවන්. අනෙත් එක තාම ආණ්ඩුව අලුත්. අලුත් ආණ්ඩුවක් වට්ටන්න මන්ත්‍රීවරු කටයුතු කරයි කියලා හිතන්න බැහැ.

ඒ කියන්නේ 20 සම්මත වෙන්න ඉඩ දීලා ඔබතුමාලා නිහඬව ඉන්නවා කියන එකද?
අපි නිහඬ නැහැ. පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් අපි අපේ විරෝධය ගෙන යනවා. ගරුතර භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කළා වගේම 20න් වෙන්නේ රට ආපස්සට යන එක. ඒ හින්දා රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි ඊට එරෙහිව කටයුතු කරනවා. 20 සම්මත වුණත් රට තුළ සහ ජාත්‍යන්තරයේ අපේ විරෝධය දිගින් දිගටම ගෙනි යන්න අපි කටයුතු කරනවා.
රටේ නැවත වරක් කොවිඞ් 19 අවදානමක් ඇති වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක 20 පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් වේවිද?
මේ අයට ජනතාව ගැන හැඟීමක් නැහැනේ. කොහොමත් මේ ආණ්ඩුව කොවිඞ් ප්‍රශ්නය අනා ගත්තා. විපක්ෂනායකතුමා ගුවන් තොටුපොළ වහන්න කියලා සති හයකට පස්සේ තමයි ආණ්ඩුව ඒක කළේ. ඒ වෙද්දී කොරෝනා ආසාදිතයන් බොහෝ දෙනෙක් රටට ඇවිත් ඉවරයි. ඒ වගේම ඡන්දය තියන්න ඕනෑකමට මේ ආණ්ඩුව ජනතාවට බොරු කිව්වා. අප්‍රේල් 22න් පස්සේ කොරෝනා අවදානම ඉවරයි කියලා සෞඛ්‍ය ඇමැතිවරිය කිව්වා. සිංහල අවුරුද්දට ජනතාවට තෑග්ගක් දෙනවා කියලා යුද හමුදාපතිවරයා කිව්වා. ඒ හරහා කොවිඞ් ගැන ජනතාවගේ තිබුණු අවධානය බිඳ වැටුණා. අපි වුණත් රජය කිව්ව දේ පිළිගත්තනේ. නමුත් මේක අළු යට ගිනි පුපුරු වගේ කොයි වෙලේ හරි මතුවෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු නිතරම කිව්වා. ඒත් ඒවා රජය මායිම් කළේ නැහැ. ඒ හින්දා ජනතාවට මොනවා වුණත් මේ රජය 20 ගේන එක නවත්වන්නේ නැහැ.

චන්දන පොන්නම්පෙරුම

Share50Tweet32SendShare13
Previous Post

අභයාරාමෙන් අගමැති-මැති අමැතිවරුන් කැඳවයි: අවසන් තීන්දුව දැනුම් දෙයි EXCLUSIVE

Next Post

ඇල්ලේ හිමි කාදිනල් හිමි හමුවක්: විස්සට කාදිනල් හිමිත් විරුද්ධ වෙයි (VIDEO)

MORE NEWS

ජනතාව එළියට බහින්න හිටියෙ හෙට! අද රෑ 6 ඉඳන් සඳුදා උදේ 6 තෙක් ඇඳිරි නීතිය පනවයි!
Exclusive

ඇඳිරි නීතිය හෙට උදෙන් ඉවරයි! රෑට දාන්නෙ නෑ!

May 14, 2022
මොන කරුමයක්ද මන්දා! ඒ පාර ගංවතුරක්! ආපදා තත්ත්වයකට මුහුණදෙන්න ගුවන් හමුදාව සීරුවෙන් තියයි!
Exclusive

මොන කරුමයක්ද මන්දා! ඒ පාර ගංවතුරක්! ආපදා තත්ත්වයකට මුහුණදෙන්න ගුවන් හමුදාව සීරුවෙන් තියයි!

May 14, 2022
සියඹලාපිටිය ‌අස්වෙයි! බාරගනී! යළි අස්වෙයි!
Exclusive

සියඹලාපිටිය විහිලුවක් වෙයි! නියෝජ්‍ය කතානායකකමට පත්වෙයි! දවසෙන් ආයෙත් ඉල්ලා වෙයි!

May 6, 2022
චීන බලධාරීන් උයිගර්වරු 100ක් හිරේට දමයි!
Politics

චීන බලධාරීන් උයිගර්වරු 100ක් හිරේට දමයි!

May 2, 2022
අමෙරිකානු මානව හිමිකම් සංවිධාන චීන නිෂ්පාදන වර්ජනය කරන්න කියයි!
Politics

අමෙරිකානු මානව හිමිකම් සංවිධාන චීන නිෂ්පාදන වර්ජනය කරන්න කියයි!

May 2, 2022
ඇෆ්ගනිස්ථානය ගැන එක්සත් ජාතීන්ගේ කනස්සල්ල!
Politics

ඇෆ්ගනිස්ථානය ගැන එක්සත් ජාතීන්ගේ කනස්සල්ල!

May 2, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!
Exclusive

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022

ලක්බිම විවිධ යුගයන්හි විවිධ ජාතීන්ට විවිධ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවිය. ඒ...

Read more
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

May 28, 2022
ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 28, 2022
මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

May 28, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

අවුරුදු 2කට ඇතුළට ගිය විමල්ගේ බිරිය ඇප ඉල්ලයි! ඇප දෙනවද නැද්ද? තීන්දුව සඳුදා!

May 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

May 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net