Connect with us
Advertisement

Exclusive

රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට මහින්ද දුන් නියෝගය

Published

on

විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.

මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම මුදල් අමාත්‍යාංශයේ පැවති අවස්ථාවේ අගමැතිතුමා මේ බව සඳහන් කර තිබේ.
 
ණය ගෙවා ගැනීමට අපහසු හා අලුතින් ණය ලබා ගැනීමට පැමිණෙන ජනතාව බැංකු තුළ අනවශ්‍ය ලෙස අපහසුතාවයට ලක් නොකරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) දත්ත පරීක්ෂා කිරීමේ කාර්යය තුළ මහජනතාවට සිදු වන අපහසුතාවන් පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මෙහිදී අවධානය යොමු කර ඇත. ණය නොගෙවූ පුද්ගලයෙකුගේ, ඇපකරුවෙකු වූ පමණින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB)  නම ඇතුළත් වීම නිසා ණයක් ලබා ගැනීමට එම පුද්ගලයා නුසුදුස්සෙකු කිරීම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා ඒ සඳහා සුදුසු සහන ක්‍රමවේදයන් පිළිපදින්නැයි උපදෙස් ලබාදී ඇත.

පසුගිය රජය සමෘද්ධි ලබාදීමේදී පාක්ෂිකයින්ට විශේෂිත කොට එම ආධාර පිරිනම ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙහිදී ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව සොයා බලා දේශපාලන භේදයකින් තොරව අඩු ආදායම්ලාභී සියලුම පවුල් සඳහා සමෘද්ධි ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබාදී ඇත.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ