• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

බිලියන 3.7ක් යනවා! කරන්න දෙයක් ඇත්තෙම නෑ!! මන්ත්‍රීවරු 225ටම වාහන දෙනවා!!!

June 9, 2021
in Exclusive, Uncategorized
A A
මන්ත්‍රී කාර් පර්මිට් ගැන බුදුගල හිමිගෙන් ගෝඨාට ලියුමක්

පාර්ලිමේන්තු මැතිඇමැතිවරුන් ඇතුලු ආණ්ඩුවේ පාවිච්චිය සදහා රුපියල් බිලියන 3.7 ක වියදමින් සුපිරි වාහන 399ක් ආනයනය කිරීම සඳහා කලින් ගෙන තිබූ තීරණය ඒකපාර්ශ්විකව අවලංගු කිරීමට නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය සහ සම-කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

සඳුදා (7) හිරු ‘සලකුණ’ රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් චමුදිත සමරවික්‍රම විසින් විමසන ලද අවසාන ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් රඹුක්වැල්ල මහතා කියා සිටියේ එය ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් බැවින් එමේ අවලංගු කළ නොහැකි බවකි.

රාජ්‍ය බැංකු හරහා ණයවර ලිපි විවෘත කර ඇති බැවින් ඒකපාර්ශවිකව අවලංගු කළ නොහැකි බවද අමාත්‍ය රඹුක්වැල්ල එහිදී පිළිගත්තේය.

මෙම වාහන 399න් 225 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ අතර ඒවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ‌ට 145ක්, සමගි ජන බලවේගයට 54ක්, දෙමළ ජාතික සන්ධානයට 19ක්, ජාතික ජන බලවේගයට 3ක්, ඒඅයිටීසී 2, ඊපීඩීපී 2, යූඑන්පී 1, එස්එල්එෆ්පී 1 සහ හ ඕපීපීපී, ටීඑම්වීපී, එම්එන්ඒ, ටීඑම්ටීකේ, ඒසීඑම්සී, එන්සී සහ එස්.එල්.එම්.සී. යන පක්ෂවලට එක රථය බැගින් ‌ලබා දීමට නියමිතය.

මෙහි දක්නට ඇති විශේෂම සිදුවීම වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය තවමත් පුරවා නැති තත්ත්වයක් යටතේ පවා එම පක්ෂයට සුපිරි වාහනයක් වෙන් කොට තිබීමය.

මෙසේ ගෙන්වීමට නියමිත වාහන අතර නවතම ටොයොටා ලෑන්ඩ් කෲසර් 227 ක්, නවතම ටොයොටා හයිලක්ස් ෆෝ වීල් ඩබල් කැබ් 17 ක්, නවතම ටොයොටා ලෑන්ඩ් කෲසර් (V 8), නවතම හිනෝ ඉන්ටර්කූලර් ටර්බෝ කැබ් 52 ක්, නවතම ටොයොටා හයිලක්ස් 4 WD ඉන්ටර්කූලර් සහිත කැබ් රථ, ඉන්ටර්කූලර් සහිත නවතම ටොයොටා හයිලක්ස් 4 WVD සහ නවතම ටොයොටා ඉහළ වහල ගිලන්රථ 50 ක්ය.

සාමාජිකයින් 225 දෙනෙකු සඳහා නවතම ටොයොටා ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ 227 ක් ආනයනය කළේ මන්දැයි ‘සලකුණ’ කණ්ඩායම විමසූ විට, අමාත්‍ය රඹුක්වැල්ල මහතා එම වාහන ලබන්නන් පිළිබඳ කිසිවක් කීම ප්‍රතික්ෂේප කළේය. V8 රථ ඇනවුම් කර ඇත්තේ කා වෙනුවෙන්දැයි තමන් නොදන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

කෙසේවෙතත් 2019 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වසර තුනක කාලයක් සඳහා ආනයනය නොකරන බවට ප්‍රතිඥාවක් දී තිබිණ.

මෙම වැඩසටහනේදී ජපාන‌යෙන් නොව සිංගප්පූරුව පදනම් කරගත් ආයතනයකින් වාහන ඇනවුම් කර ඇති බව දැකගන්නට ලැබිණ.

කෙසේවෙතත් රට බරපතළ විදේශ විනිමය අර්බූදයක ගිලී සිටියදී සහ සියලු අනවශ්‍ය ආනයන අත්හිටුවා තිබියදී මේ ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සුපිරි වාහන ගෙන්වීම සම්බන්ධයෙන් විශාල සමාජ විරෝධයක් මතුවෙමින් පවතින ආකාරයක්ද දැකගන්නට ඇත.

Share51Tweet32SendShare13
Previous Post

ආදරය කරන්න ගියාම රැවටෙනවා…

Next Post

ඩී.එස්. ඉඩම පවරා ගැනීමේ ගේම ගැහුවේ කව්ද? මන්ත්‍රී ලියුමෙන් සියල්ල එළියට!

MORE NEWS

2023 ජනවාරි 19න් පසු රට බිංදුවෙන් පටන් අරන් හරි තැනට ගමන් කරනවා…
Exclusive

2023 ජනවාරි 19න් පසු රට බිංදුවෙන් පටන් අරන් හරි තැනට ගමන් කරනවා…

May 22, 2022
‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)
Exclusive

‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)

May 22, 2022
අලුත් තෙල් ඇමැති වැඩිකරන සූත්‍රය හෙළිකරයි! අපියි IOC එකයි යන්නෙ එකට!
Exclusive

භූමිතෙල් නැතිවෙයි! කියන්නේ කාංචන!

May 22, 2022
වෙසක් එකට 240ක් එළියට දාලා! ඒත් රන්ජන් තාම ඇතුළේ! ඇයි මේ අපරාධය කරන්නේ! (VIDEO)
Exclusive

රන්ජන්ව විකුණගෙන කාපු එවුන් අද ‌කොහේද? සජිත් නම් අදත් ගිහින් රන්ජන්ව බලන්න! ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලි…!’ රන්ජන් එදා කියපු කතාව අද සජිතුත් කියයි! (VIDEO)

May 22, 2022
ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!
Exclusive

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022
මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)
Exclusive

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

2023 ජනවාරි 19න් පසු රට බිංදුවෙන් පටන් අරන් හරි තැනට ගමන් කරනවා…
Exclusive

2023 ජනවාරි 19න් පසු රට බිංදුවෙන් පටන් අරන් හරි තැනට ගමන් කරනවා…

May 22, 2022

මේ වන විට රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වත්මන්...

Read more
‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)

‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)

May 22, 2022
අලුත් තෙල් ඇමැති වැඩිකරන සූත්‍රය හෙළිකරයි! අපියි IOC එකයි යන්නෙ එකට!

භූමිතෙල් නැතිවෙයි! කියන්නේ කාංචන!

May 22, 2022
වෙසක් එකට 240ක් එළියට දාලා! ඒත් රන්ජන් තාම ඇතුළේ! ඇයි මේ අපරාධය කරන්නේ! (VIDEO)

රන්ජන්ව විකුණගෙන කාපු එවුන් අද ‌කොහේද? සජිත් නම් අදත් ගිහින් රන්ජන්ව බලන්න! ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලි…!’ රන්ජන් එදා කියපු කතාව අද සජිතුත් කියයි! (VIDEO)

May 22, 2022
ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022
මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

2023 ජනවාරි 19න් පසු රට බිංදුවෙන් පටන් අරන් හරි තැනට ගමන් කරනවා…

2023 ජනවාරි 19න් පසු රට බිංදුවෙන් පටන් අරන් හරි තැනට ගමන් කරනවා…

May 22, 2022
‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)

‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net