2015 ජනාධිපතිවරණයට දින කිහිපයක් තියා තිරුකුමාර් නඩේසන් මහතාට අයත් රෙඩ් රූත් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ ගිණුමට ඩොලර් මිලියන 5.9ක මුදලක් බැරවී ඇති බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය.
මෙම මුදල චීන සමාගමකින් පැමිණ ඇති බවද ඒ මහතා කීය.
මීට අමතරව තවත් විශාල මුදල් ප්‍රමාණයක් අවස්ථා ගණනාවකදී මෙම ගිණුම්වලට පැමිණ ඇති බවද දිසානායක මහතා පෙන්වා දුන්නේය.