බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සුබ පැතුම් ලෙස එරට වගා කරන ලද අඹ පාර්සලයක් එවා ඇත.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් Tareq Md Ariful Islam විසින් අදාළ ත්‍යාගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී ඇතිඅතර එම ත්‍යාගය භාර ගනිමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය වෙත සිය හෘදයාංගම ස්තූතිය පළකර ඇත.
එය දෙරට අතර වන එලදායි සම්බන්ධතාවය සංකේතවත් කරන බව අග්‍රාමාත්‍යවරයා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියේය.
මීට පෙර අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙතද මේ ආකාරයේ අඹ පාර්සලයක් ත්‍යාග වශයෙන් යවා ඇත.
එමෙන්ම ඇය විසින් ඉන්දීය ජනාධිපතිවරයාට සහ ඉන්දියාවේ මහඇමතිවරුන් ගණනාවකට ද අඹ පාර්සල් ත්‍යාග වශයෙන් යවා ඇති බවද වාර්තා වේ.