• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Wednesday, May 18, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home News

MISSION IMPOSSIBLE එකේ INSIDE JOB එක කරපු TEAM එක ‌

November 30, 2019
in News, Politics, Uncategorized
A A
MISSION IMPOSSIBLE එකේ  INSIDE JOB එක කරපු TEAM එක ‌

මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ලත් අති විශාල ජයග්‍රහණයට හේතු වූ ප්‍රධාන සාධකයක් වූයේ එතුමාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අනෙක් අපේක්ෂකයන්ට සාපේක්ෂව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඉතා කාර්යක්ෂමව කළ සැලසුම් සහගත එකක් විය. එමෙන්ම ඒ වැඩපිළිවෙළ තුළ වූ බොහෝ ක්‍රමවේදයන් ශ්‍රී ලාංකිකයන්ට නැවුම් අත්දැකීම් බවට පත් විය. මෙවර ජනාධිපතිවරණයේදී තරුණ ඡන්ද පදනම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නැඹුරු වීමේ රහස එය බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය මෙහෙයවීම භාරව කණ්ඩායම් කිහිපයක් කටයුතු කළ අතර එම කණ්ඩායම් ප්‍රධාන වශයෙන් මෙහෙයවූයේ බැසිල් රාජපක්ෂ මහතා සහ රෝහිත රාජපක්ෂ මහතාය.
බැසිල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය මෙහෙයවූයේ සංජීව එදිරිමාන්න මහතා විසිනි. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුතු එම කණ්ඩායම ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ දිවයින පුරා ඡන්ද දායකයන් ඇසුරින් සිදු කළ සමීක්ෂණයකින් පසුවය. ඒ යටතේ මෙරට ඡන්ද දායකයන් වර්ග 4ක් යටතේ වෙන් කර ගැනීමට සමීක්ෂකයින් සමත් වී ඇත. දේශපාලන පක්ෂ මත පදනම්ව ඡන්දය භාවිත කරන්නන්, ජාතිය සහ ආගම මත පදනම්ව ඡන්දය භාවිත කරන්නන්, වෘත්තීය සහ සමාජ තත්ත්වය මත පදනම්ව ඡන්දය භාවිත කරන්නන් සහ නැවුම් සමාජ මාතෘකා මත පදනම්ව ඡන්දය භාවිත කරන්නන් ලෙසට එම වර්ගීකරණය සිදු කර ඇත.

අවසන් වරට පැවැති පළාත් පාලන මැතිවරණයේදී අත්කර ගත් ඡන්ද සංඛ්‍යාව නිගමනය කරමින් එක් එක් පක්ෂ සතු ඡන්ද සංඛ්‍යාව නිශ්චය කර ගෙන ඇති අතර ජනාධිපතිවරණයේදී සුළු පක්ෂ ඇතුළු පක්ෂ 40ක් සමඟ පොදු සන්ධානයකට එළඹීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කරන්නේ ඉහත සඳහන් පළමු වර්ගීකරණයට අයත් ඡන්දදායකයන් නැඹුරු කර ගැනීම සඳහාය. සිංහල බෞද්ධ ඡන්ද පදනම පොදු ජන පෙරමුණ වෙත ආකර්ෂණය වී තිබූ පසුබිමක උතුරු, නැඟෙනහිර ජනතාව සමඟ සෘජු සංවාදයක යෙදීමට පක්ෂ නායකයන් කටයුතු කරන්නේ දෙවැනි වර්ගීකරණයට අයත් ජනතාව දින ගැනීම සඳහාය. ජනාධිපතිවරණ ප්‍රචාරණ කාලය තුළ බැසිල් රාජපක්ෂ මහතා නැඟෙනහිර ප්‍රදේශයේ වැඩි කාලයක් ගත කළේද ඒ සඳහාය.
වෘත්තීය තත්ත්වය සහ සමාජ තත්ත්වය මත පදනම්ව ඡන්දය භාවිත කරන ජනතාව දිනා ගැනීම සඳහා පොදු ජන පෙරමුණ දියත් කළ වැඩසටහන් මාලාව ඉතා ආකර්ෂණීය විය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනයෙන් අනතුරුව මෙරට සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සඳහා සතියක් පුරා වෙන වෙනම සම්මේලන පැවැත්වීමට ඔවුහු කටයුතු කළෝය. රණ විරුවන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන් මෙන්ම රූපලාවණ්‍ය ශිල්පීන් ඇතුළු මෙරට සියලුම වෘත්තීයවේදීන්ට ඒ යටතේ ඇමැතීමට ලැබීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලද විශාල ජයග්‍රහණයක් විය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් යටතේ ඇරඹුණු වියත්මඟ සංවිධානය හරහා ඒ සඳහා ලැබුණු දායකත්වයද සුළු පටු නැත.
සමීක්ෂණයේදී හඳුනා ගත් සිවුවැනි පාර්ශ්වය වූ නව සමාජ මාතෘකා මත පදනම්ව ඡන්දය භාවිත කරන ජනතාව දිනා ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ ප්‍රධාන වශයෙන් දියත් වූයේ සමාජ ජාල හරහාය. කෙළින් තීරණ ගන්නා, පිරිසුදු, නව දැක්මක් සහිත නායකයකු ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබූ සමාජ තත්ත්වය, එම ඡන්ද දායකයන් ආකර්ෂණය කර ගැනීමට විශාල පහසුවක් විය.
මේ සියලු කරුණු කාරණා මත පදනම්ව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රචාරක ව්‍යාපාරය නිල වශයෙන් දියත් වූයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමටත් පෙරය. එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සෑම නිවෙසකටම ගමන් කිරීම ඔවුන්ගේ අභිප්‍රාය විය. ඒ යටතේ හිටපු ආණ්ඩුව සිදු කළ වැරැදි සම්බන්ධයෙන් ජනතාවට පුළුල් අවබෝධයක් ලබා දීමට පොදු ජන පෙරමුණට හැකි විය. ඒ වැඩසටහන් දියත් වූයේ පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හරහාය. ජනාධිපතිවරණයට දින නියම වීමට මත්තෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ගෙයින් ගෙට ගමන් කළ පළමු අවස්ථාව ලෙසද එය ඉතිහාසයේ සටහන් විය.
රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත් දැන්වීම් හරහා ප්‍රචාරණ කටයුතු දියත් කළද මෙවර ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගය වූයේ ගෙයින් ගෙට ගමන් කිරීමය. ඒ හරහා මැතිවරණ ප්‍රචාරණය සඳහා නීත්‍යානුකූල අවසරය හිමිව ඇති අත් පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීම ඒ වැඩපිළිවෙළේ අරමුණ විය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දියත් කළ ගෙයින් ගෙට යෑමේ වැඩපිළිවෙළද අදියර තුනකින් යුක්ත විය. පළමු අදියර යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා යනු කවරෙක්ද යන්න සහ ඔහු සිදු කර ඇති කාර්ය භාරය සඳහන් අත් පත්‍රිකා ජනතාව අතර බෙදා දුන් අතර දෙවැනි අදියරේදී බෙදා දුන් අත් පත්‍රිකාවන්හි සඳහන් වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය තුළ මෙරට ලද ජයග්‍රහණ සහ එම යුගයේදී සිදුවූ සංවර්ධන කටයුතු පිළිබඳව තොරතුරුය. අනතුරුව දියත් වූ තෙවැනි අදියරේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇසුරින් සකස් කළ අත්පත්‍රිකා ජනතාව අතර බෙදා දීම සිදු විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් අනතුරුව ඒ මහතා ජනතාව සමඟ කතා බහ කරමින් රට පුරා කළ සංචාරයද ජනතාවගේ ඉමහත් ප්‍රසාදයට පත් විය. ඉතා සැලසුම් සහගතව සිදු කළ එම සංචාරයේදී සෑම ජාතියකම, සෑම ආගමකම මෙන්ම සෑම සංස්කෘතියකටම අයත් ජනතාව හමුවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය. නීත්‍යානුකූලව අවසරය ලැබී ඇති පරිදි රටපුරා උපරිම මැතිවරණ කාර්යාල පිහිටුවීමට පොදු ජන පෙරමුණ කටයුතු කළ අතර ඒවා බොහොමයක් නිර්මාණය කර තිබුණේ ඉතා ආකර්ෂණීය ලෙසටය.
ඕනෑම මැතිවරණයක ප්‍රධාන අංගය වන්නේ මැතිවරණ ප්‍රචාරණ රැලිය. එබැවින් ශ්‍රී ලංකාවේ සෑම ආසනයක්ම නියෝජනය වන පරිදි මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වූ ප්‍රචාරණ රැලි සංවිධානය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයෝ කටයුතු කළහ. ඊට අමතරව දෙවැනි පෙළ රැස්වීම් මාලාවක්ද දිවයින පුරා ක්‍රියාත්මක වූ අතර සෑම ගමක්ම ආවරණය කරමින් පැවැත්වූ ග්‍රාමීය රැස්වීම් මාලාවද මේ ජයග්‍රහණයට පාදක වූ ප්‍රධාන කාරණයක් විය.
මේ ආකාරයෙන් දියත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළේ දක්නට ලැබුණු කැපී පෙනෙන ලක්ෂණය වූයේ එය මඩ ප්‍රචාරයන්ගෙන් තොර වීමය. ඉතා නිර්මාණාත්මක ලෙස එම ප්‍රචාරණ ව්‍යාපාරය සැලසුම් කිරීමේ ප්‍රමුඛයන් ලෙස කටයුතු කළේ ජගන ක්‍රිෂ්ණකුමාර් සහ මෙවන් ලියනගේ ඇතුළු පිරිසය. එය අධීක්ෂණය කරනු ලැබූයේ රෝහිත රාජපක්ෂ මහතාය. “සාර්ථක දැක්මක්- වැඩ කරන රටක්” යන තේමාව මුල් කර ගනිමින් දියත් වූ එම වැඩපිළිවෙළ සකස් කර තිබුණේ මූලෝපායිකරණය, සංකල්පීකරණය, නිර්මාණකරණය සහ නිෂ්පාදනය යන අංශ හතර ඔස්සේය. ඒ යටතේ සැකසුණු “වැඩ කරන අපේ විරුවා” යන තේමා ගීතය ජනතාව ඉතාම ආදරයෙන් වැලඳගන්නා අයුරු දක්නට හැකි විය. සමාජ ජාල අතරද එම ගීතය ඉහළ ස්ථානයක් අත් කර ගත්තේය. මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අමතරව පෞද්ගලික විනෝද සාදවලදී පවා එම ගීතය වාදනය විය. එම අපූරු තේමා ගීතය නිර්මාණකරුවා වන්නේ පසන් ලියනගේ නමැති සංගීතවේදියා වන අතර එය රචනා කර ඇත්තේ මාලනී ලියනගේ විසින්ය. ජනතාවගේ සිත් තුළට කා වදින ස්වරයෙන් එම ගීතය ගායනා කරන්නේ චතුල ලියනගේ සහ ටෙහානි ඉමාරාය.
අන්තර්ජාලය හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සෘජු සංවාදයට අවස්ථාව ලබා දීම සහ ඒ මහතාගේ රැස්වීම සජීවීව ප්‍රචාරය කිරීම මෙම ප්‍රචාරණයේදී දක්නට ලැබුණු ආකර්ෂණීය කරුණු විය. ඒ වෙනුවෙන්ම නිර්මිත ඨඍ දෙර ්ජඑසදබ ඇප් එක ශ්‍රී ලාංකිකයන්ට නවමු අත්දැකීමක් විය. තාක්ෂණය සමඟ ගැටෙන තරුණ පරපුර එය ඉතාම ඕනෑකමින් භාවිත කරන ආකාරය දක්නට හැකි විය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනගත කිරීම සඳහා එය මහත් රුකුලක් විය.
මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය දෙස බැලීමේදී දක්නට ලැබුණු විශේෂිත කරුණක් වූයේ රාජ්‍ය සේවයකයන් ඡන්දය භාවිත කර ඇති අන්දමය. ඔවුන්ගෙන් කැපී පෙනෙන බහුතරයක් ඡන්දය භාවිත කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාටය. රාජ්‍ය සේවකයන්ගේ කැමැත්ත දිනා ගැනීම සඳහාම වූ විශේෂිත වැඩපිළිවෙළක්ද පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය තුළ විය. මෙරට සිටින සියලුම තැපැල් ඡන්ද දායකයන් සඳහා ලිපියක් යැවීමට ඔවුන් කටයුතු කළේ ඒ අනුවය. ඒ වැඩපිළිවෙළ ඉතා සාර්ථක වූ බව ජනාධිපතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී මොනවට පැහැදිලි වී ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතාට අති විශාල ජයග්‍රහණයක් ලැබීමට හේතු වූ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඒ ආකාර විය. ගමක් ගානේ ගෙයින් ගෙට යමින්, ජනතාව සමඟ එකට ගැටෙමින් සිදු කළ ප්‍රචාරණය මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට අලුත් අත්දැකීම් එකතු කරමින් නව තාක්ෂණය සමඟ මුසුව සිදු කළ ප්‍රචාරණයද සම්මිශ්‍රණව පැවතීම එම ප්‍රචාරණය අත්කර ගත් සාර්ථකත්වයේ රහස විය.

චන්දන ‌පොන්නම්පෙරුම

Share52Tweet32SendShare13
Previous Post

රනිල් හදිසියේම කොළඹ නාගරික මන්ත්‍රීවරුන් කැදවයි

Next Post

මඩ ‌හෝදලා රජ වුණු ‌ෆේස්බුක් ‌ගොවියෝ

MORE NEWS

ජනතාව එළියට බහින්න හිටියෙ හෙට! අද රෑ 6 ඉඳන් සඳුදා උදේ 6 තෙක් ඇඳිරි නීතිය පනවයි!
Exclusive

ඇඳිරි නීතිය හෙට උදෙන් ඉවරයි! රෑට දාන්නෙ නෑ!

May 14, 2022
මොන කරුමයක්ද මන්දා! ඒ පාර ගංවතුරක්! ආපදා තත්ත්වයකට මුහුණදෙන්න ගුවන් හමුදාව සීරුවෙන් තියයි!
Exclusive

මොන කරුමයක්ද මන්දා! ඒ පාර ගංවතුරක්! ආපදා තත්ත්වයකට මුහුණදෙන්න ගුවන් හමුදාව සීරුවෙන් තියයි!

May 14, 2022
සියඹලාපිටිය ‌අස්වෙයි! බාරගනී! යළි අස්වෙයි!
Exclusive

සියඹලාපිටිය විහිලුවක් වෙයි! නියෝජ්‍ය කතානායකකමට පත්වෙයි! දවසෙන් ආයෙත් ඉල්ලා වෙයි!

May 6, 2022
චීන බලධාරීන් උයිගර්වරු 100ක් හිරේට දමයි!
Politics

චීන බලධාරීන් උයිගර්වරු 100ක් හිරේට දමයි!

May 2, 2022
අමෙරිකානු මානව හිමිකම් සංවිධාන චීන නිෂ්පාදන වර්ජනය කරන්න කියයි!
Politics

අමෙරිකානු මානව හිමිකම් සංවිධාන චීන නිෂ්පාදන වර්ජනය කරන්න කියයි!

May 2, 2022
ඇෆ්ගනිස්ථානය ගැන එක්සත් ජාතීන්ගේ කනස්සල්ල!
Politics

ඇෆ්ගනිස්ථානය ගැන එක්සත් ජාතීන්ගේ කනස්සල්ල!

May 2, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

පක්ෂ තීන්දුවට පිටින් ගිහින් ඇමැතිකම් ගන්න ශ්‍රීලනිප පස් දෙනා යකා නටයි! මෛත්‍රීපාලත් එක්ක පැය 8ක් කතා කරයි! මෛත්‍රී බෑ කියයි! අද උදෙන්ම ගිහින් ජනාධිපතිව මුණගැහෙයි!
Exclusive

පක්ෂ තීන්දුවට පිටින් ගිහින් ඇමැතිකම් ගන්න ශ්‍රීලනිප පස් දෙනා යකා නටයි! මෛත්‍රීපාලත් එක්ක පැය 8ක් කතා කරයි! මෛත්‍රී බෑ කියයි! අද උදෙන්ම ගිහින් ජනාධිපතිව මුණගැහෙයි!

May 18, 2022

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස්දෙනකු අද පෙරවරුවේ ජනාධිපතිවරයා...

Read more
රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

May 18, 2022
තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

May 18, 2022
පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!

පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!

May 18, 2022
අරහෙන් මෙහෙන් ඩොලර් එනවා කියපු අය මේ වීඩියෝ එක බලන්න! ලංකාව අද ණය ගෙවන්න බැරි තත්ත්වයට පත්වෙනවා! සල්ලි ගෙවන්නේ කොහොමද? කකුලෙන් අදින්න නෙමෙයි අහන්නේ! හර්ෂ අහපු ප්‍රශ්නෙට රනිල් උත්තර නොදී පැන යයි! අලි සබ්‍රි මැද්දට පැනලා ඇත්තම කතාව කියයි! (VIDEO)

ලසන්ත වික්‍රමතුංග විකුණගෙන කාපු මේ රටේ මාධ්‍යවලට මේවා පේන්නේ නෑ! අන්න ලසන්ත ගැන හේග් නුවර නඩුව අහනවා! ඝාතනය ගැන විමර්ශන කරලා රටින් පිටවුණු IP නිශාන්ත සිල්වා මිග් ගනුදෙනුව ගැන සාක්ෂි දෙනවා! පුලුවන් නම් ඒවත් මාධ්‍යවල දාන්න!

ලසන්ත වික්‍රමතුංග විකුණගෙන කාපු මේ රටේ මාධ්‍යවලට මේවා පේන්නේ නෑ! අන්න ලසන්ත ගැන හේග් නුවර නඩුව අහනවා! ඝාතනය ගැන විමර්ශන කරලා රටින් පිටවුණු IP නිශාන්ත සිල්වා මිග් ගනුදෙනුව ගැන සාක්ෂි දෙනවා! පුලුවන් නම් ඒවත් මාධ්‍යවල දාන්න!

May 18, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පක්ෂ තීන්දුවට පිටින් ගිහින් ඇමැතිකම් ගන්න ශ්‍රීලනිප පස් දෙනා යකා නටයි! මෛත්‍රීපාලත් එක්ක පැය 8ක් කතා කරයි! මෛත්‍රී බෑ කියයි! අද උදෙන්ම ගිහින් ජනාධිපතිව මුණගැහෙයි!

පක්ෂ තීන්දුවට පිටින් ගිහින් ඇමැතිකම් ගන්න ශ්‍රීලනිප පස් දෙනා යකා නටයි! මෛත්‍රීපාලත් එක්ක පැය 8ක් කතා කරයි! මෛත්‍රී බෑ කියයි! අද උදෙන්ම ගිහින් ජනාධිපතිව මුණගැහෙයි!

May 18, 2022
රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

May 18, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net