ඉන්දීය කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුභාවය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කියා සිටියේය.
සුලං බල ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට ලබාදිය යුතු බව අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කළ බව ජනාධිපති රාජපක්ෂ තමාට පැවසූ බව ශ්‍රී ලංකාවේ විදුලි බල ප්‍රධානියා එරට පාර්ලිමේන්තු කෝප් කමිටුවට ප්‍රකාශ කළ වාර්තාවක් උපුටා දක්වමින් ඔහු මේ බව පැවසීය.