• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 21, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මහින්ද තමයි ඉස්කෝලේ! (විජයසිරි ගම්ලත්ගේ රටේ පැත්ත)

October 3, 2021
in Exclusive, Uncategorized
A A
මහින්ද තමයි ඉස්කෝලේ! (විජයසිරි ගම්ලත්ගේ රටේ පැත්ත)

ලංකාවේ ජනප්‍රිය නිළියක වන ගීතා කුමාරසිංහ කලාවෙන් දේශපාලනයට පිවිසියේ මහින්දගේ ආරාධනාවකට අනුවය. 2005 මහින්ද පළමු වතාවට ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ශ්‍රීලනිප වේදිකාවට ගොඩවෙද්දී මහින්දගේ හයියට බෙහෙතකටවත් ජනප්‍රිය කලාකරුවකු හොයාගන්න හිටියේ නැත. මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව තිබුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. සංවිධායකයන් විසින් නමගිය කලාකරුවන් බොහෝ දෙනකුට ආරාධනා කර තිබුණත් ඒ ආරාධනා ලැබූ අය ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීමේ උත්සවයට සහභාගි වෙතැයි සංවිධායකයන් පවා සිතුවේ නැත.

හැබැයි උත්සවය ආරම්භ වීමට ඔන්න මෙන්න තියා තිබියදී සයල්ලන්ගේම ඇස් නළලේ රඳවමින් ගීතා කුමාරසිංහ බී.එම්.අයි.සී.එච් එක ඉදිරිපස පඩිපෙළ නැඟ ශාලාවට ඇතුලු වූවාය. මහින්ද ජනාධිපති සටන නිල වශයෙන් අරඹද්දී ඒ ඉදිරිපස අසුනක ගීතාද අසුන්ගෙන සිටියාය.

ඉන් අවුරුදු 10කට පසු, එනම් 2015 මහින්ද පරාජයට පත්වී මැදමුලන මහ ගෙදරට යද්දී අවුරුදු 10ක් මහින්ද එක්ක දිවෙන් දිව ගාගෙන සිටි මැති ඇමැතිවරුන් විශාල ප්‍රමාණයක් මහින්දගේ පතුරු යැවීම ආරම්භ කර තිබිණි. නමුත් කලාකරුවන් අතරින් ගීතා විතරක් 2005දී මහින්ද එක්ක සිටියා වගේම මහින්ද පරාජය වෙලා ගෙදර ගියාට පසුවත් මහින්දත් එක්කම සිටියාය.

වරක් මෛත්‍රී ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවෙන් මහින්ද හදපු ‘මහින්දෝදය’ විද්‍යාගාරවල නම වෙනස් කරන්න යෝජනාවක් අරගෙන ආවේය. මේ යෝජනාවට විරුද්ධව කවුරු කතා නොකළත් ගීතා වේදිකාවට නැග ප්‍රසිද්ධියේම යහපාලන ආණ්ඩුවේ මේ ක්‍රියාව දැඩිව විවේචනය කිරීමට පසුබට නොවුණාය. ශ්‍රීලනිප නායකයා මෙන්ම ජනාධිපතිවරයාද වූ මෛත්‍රිපාල, ගීතා ඩැහැගන්න, ශ්‍රීලනිපයට එකතු කරගන්න දන්න දහංගැට ඔක්කොම ගැහුවත් ගීතා, මහින්දගෙන් ගලවගන්න නොහැකි විය. අන්තිමේදී ගීතාට ගාල්ල සංවර්ධන කමිටුවේ සභාපති ධුරය දෙන්න මෛත්‍රි පොරොන්දු වුවත් ගීතා තනතුරුවලට නැවී මහින්දගෙන් වෙන් වෙන්න කටයුතු කළේ නැත.

අන්තිමේ බැරිම තැන යහපාලන ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය ඉදිරියට දමා ගීතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහෝසි කළේය. යහපාලන ආණ්ඩුවත් එක්ක ගියා නම් මන්ත්‍රීකම රැකගන්න හැකියාව තිබුණද, ගීතා මහින්ද එක්ක තිබූ හිතවත්කම මන්ත්‍රීකමට ඔට්ටු තියන්නට සූදානම් වූයේ නැත. මන්ත්‍රීකම නැතිව ගෙදර ගියත් ගීතා සිටියේ මහින්ද එක්කය.

හැබැයි එහෙම කැපකිරීමක් කරගෙන කට්ටක් කාගෙන මහින්ද එක්ක සිටියත් ගීතාට අදටත් මේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිකමක් හෝ රාජ්‍ය ඇමැතිකමක් නැත. එහෙමයි කියා අදත් ගීතා ඉන්නේ මහින්ද එක්කය.

මේ ගැන පසුගිය දිනෙක ගීතා යූටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී අපූරු කතාවක් කියා තිබිණි.

‘මම මහින්දට ආදරෙයි. ඒක ඇවිත් ලව් ඇන්ඩ් හේට් සම්බන්ධයක් (ආදරය සහ වෛරය).’

ගීතා කියා තිබුණේ එහෙමය.

මේ විදියට මහින්ද ගැන කියන පළමු කෙනා ගීතා නොවේ. ගීතා වගේම මේ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න තියෙන බොහෝ මන්ත්‍රීවරු නිහඬව සිටින්නේ මහින්දට තියෙන මේ ආදරය නිසාය. ඒ හැමෝටම මහින්ද එක්ක තියෙන්නේ ආත්මීය බැඳීමකි. බොහෝ අය මහින්දට අපි ආදරෙයි කියලා කියන්නේ ඒ ආත්මීය බැඳීම මුල් කරගෙනය.
ලංකා දේශපාලනයේ මේ විදියට ආදරය ලබන්න පුළුවන් දේශපාලනඥයන් සිටියේ තුන්දෙනෙකි. එක්කෙනෙක් ඩඩ්ලි සේනානායකය. අනෙක් කෙනා සිරිමාවෝ මැතිනියය. තුන්වැන්නා මහින්දය.

බොහෝ මන්ත්‍රීවරු සහ පාක්ෂිකයන් තමන්ගේ පක්ෂ නායකයන්ට දක්වන්නේ ගෞරවයකි. නමුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් සහ පාක්ෂිකයන්ගෙන් මහින්දට තිබෙන්නේ ඒ සාම්ප්‍රදායික ගෞරවයට එහා ගිය ආදරයකි. ආණ්ඩුව ඇතුළේ කෙතරම් කලකිරීම් තිබුණත් මේ මැති ඇමැතිවරු මහින්දව දාලා නොයන්නේ ඒ නිසාය.

මහින්දත් මේක නොදන්නවා නොවේ. මොකද මේ ආණ්ඩුව හදාගන්න කොච්චර දුක් වින්දාද කියන එක ගැන මහින්දට අමතක නැත. එදා ජනාධිපතිවරණයෙන් පරාජය වෙලා අරලියගහ මන්දිරය අතහැර මැදමුලනට ගිය මහින්ද ඒ මහගෙදර ගේට්ටු වසාගත්තා නම් අද මෙහෙම ආණ්ඩුවක් බිහිවන්නේ නැත. නමුත් මහින්ද මැදමුලනේ ගේට්ටුවේ එල්ලිලා මම පරාද වුණේ නෑ කියලා යළි සටන පටන් ගත්තේය. රට වටේ තියෙන පන්සලක් පන්සලක් ගානේ ගිහින් සේනා සංවිධාන කළේය.

එහෙම සටන ආරම්භ කරද්දී මහින්දට ආණ්ඩුවෙන් වට කරගෙන ගැහුවේය. පුතුන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම හිරේ දැම්මේය. සහෝදරවරුන් හිරේ දැම්මේය. මහින්ද ආණ්ඩුව හැදුවේ ඒ සියලු කෙනෙහිලිකම් මැද්දේය. එහෙව් අමාරුවෙන් හදපු ආණ්ඩුවේ ඇතුළු ප්‍රශ්න මතුවෙද්දී මහින්දට ඒ ගැන ලොකු කැක්කුමක් තියෙන්නේ ඒ නිසාය.
ආණ්ඩුව ඇතුළේ විමල්ලා, වාසුලා, ගම්මන්පිලලා විවිධ ප්‍රශ්නවලට මැදිහත් වෙද්දී මහින්ද වහා ඊට මැදිහත් වෙමින් ගැටුම් සමතයකට පත්කරන්නේ ඒ කැක්කුම නිසාය.

අනෙක මහින්දට ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නවලට මුහුණ දී හොඳට පුරුදුය. ඒවාට විසඳුම් ලබාදීත් හොඳට පුරුදුය. මොකද අද මේ දෙපැත්තේම ඉන්නා බොහෝ දෙනකු සමග මහින්ද ආණ්ඩු කොට තිබේ. 2005 ඉඳන් 2015 දක්වා කාලය අතරතුර මහින්ද යූ.ඇන්.පී.කාරයන් වෙච්ච කරු, රාජිතලා සමග එකට ආණ්ඩු කළේය. හෙළ උරුමය නියෝජනය කළ චම්පිකලා එක්ක ආණ්ඩු කළේය. මුස්ලිම් පක්ෂ නියෝජනය කරන හකීම්, රිෂාඩ්ලා එක්ක ආණ්ඩු කළේය. විමල් වීරවංශලා එක්ක ආණ්ඩු කළේය.

මේ සියලු දෙනාම එකතු කරගෙන මහින්ද ආවේ අරුම පුදුම දේශපාලන ගමනකි. ඒ කාලයේදී මහින්ද පක්ෂයේ නායකයා වුණාට පක්ෂයේ බලය තිබ්බේ පක්ෂ මහ ලේකම්වරයා වූ මෛත්‍රිපාල අතේය. දත් තිස්දෙක අතර තියෙන දිව වගේ මහින්ද මේ දෙපැන්තම බැලන්ස් එකේ තියාගෙන රට ආණ්ඩු කිරීමට සමත් විය.
ඒ නිසා අදටත් ආණ්ඩුව ඇතුළේ තියෙන ප්‍රශ්න බැලන්ස් කරන්නට මහින්ද අත්‍යාවශ්‍යය. මහින්ද ඒ බැලන්ස් එක අතහැරපු දවසට ආණ්ඩුව අන්බැලන්ස් වන බව සියල්ලන්ම වටහා ගත යුතුය. මොකද ආණ්ඩුව කියන්නේ ඉස්කෝලයක් නම් මහින්ද එහි ප්‍රින්සිපල්ය.

විජයසිරි ගම්ලත්

Share84Tweet53SendShare21
Previous Post

මුස්ලිම් රටක් අන්තිමේදී ආණ්ඩුවට ණයට තෙල් ගන්න උදව්වට එයි!

Next Post

අද දළඳ සමිඳුන් වැඳ ඉන්දීය විදේශ ලේකම් වැඩ පටන් ගනී!

MORE NEWS

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)
Exclusive

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)
Exclusive

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)
Exclusive

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

May 20, 2022
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!
Exclusive

හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

May 20, 2022
රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)
Exclusive

රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

May 20, 2022
ජනාධිපතිව හම්බවෙනවා! බැසිල්ව හම්බවෙනවා! ආණ්ඩු හදන්න කමිටු දාගන්නවා! පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ගහනවා! අහන්නකො බලන්න අනුර ප්‍රියදර්ශනගෙ කතාව! පොලිටික්ස්ද පොලිට්‍රික්ස්ද කියලා! (VIDEO)
Exclusive

මේ ආණ්ඩුවේ මම කිසිම ඇමැතිකමක් ගන්නෙ නෑ! අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශයක් කරයි!

May 20, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජාත්‍යන්තර ස්කයි නිව්ස් සේවය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්මුඛ...

Read more
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

May 20, 2022
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

May 20, 2022
රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

May 20, 2022
ජනාධිපතිව හම්බවෙනවා! බැසිල්ව හම්බවෙනවා! ආණ්ඩු හදන්න කමිටු දාගන්නවා! පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ගහනවා! අහන්නකො බලන්න අනුර ප්‍රියදර්ශනගෙ කතාව! පොලිටික්ස්ද පොලිට්‍රික්ස්ද කියලා! (VIDEO)

මේ ආණ්ඩුවේ මම කිසිම ඇමැතිකමක් ගන්නෙ නෑ! අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශයක් කරයි!

May 20, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net