අසාධ්‍ය තත්ත්වයේ සිටින කොවිඩ් රෝගීන් සඳහා අත්‍යවශ්‍ය දිවි රැක දෙන ඖෂධයක් වන ටොසිලිෂුමාබ් (Tocilizumab) ඖෂධය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ දැඩි හිඟයක් පවතින බවත්, ශ්‍රී ලංකා රජය විසින් එම ඖෂධය අඛණ්ඩව සැපයිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වතාවක් අවධාරණය කොට ඇත.
ට්විටර් පණිවුඩයක් තබමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කොට තිබේ.
ඊයේ දින පාර්ලිමේන්තුවේදීත් විපක්ෂනායකවරයා මෙම ඖෂධය හිග බව සදහන් කර සිටියේය.
අසාධ්‍ය තත්ත්වයේ සිටින කොවිඩ් රෝගීන් සඳහා අත්‍යවශ්‍ය දිවි රැක දෙන ඖෂධයක් වන ටොසිලිෂුමාබ් (Tocilizumab) ඖෂධය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ දැඩි හිඟයක් පවතින හෙයින්, ශ්‍රී ලංකා රජය විසින් එම ඖෂධය අඛණ්ඩව සැපයීමේ හදිසි අවශ්‍යතාවය මම නැවත වරක් අවධාරණය කරමි.
— Sajith Premadasa (@sajithpremadasa) August 18, 2021