හෙළිදරව් නොකරන ලද ආදායම සඳහා යෝජිත බදු සමාව ලබා දුනහොත් ආණ්ඩුවට රුපියල් බිලියන 300ක ආදායමක් අහිමි විය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙත දැනුුු දී ඇති බව වාර්තා වේ.
පසුගියදා වෘත්තීය සමිති සමග පැවැති සාකච්ජාවකදී ඔවුන් විසින් මෙම දැනුම් දීම සිදුකර ඇති බව සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කොට තිබේ.
මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් යෝජනා කිහිපයක්ද ඒ සදහා ඉදිරිපත් කොට ඇති බවද දැනගන්නට ඇත.
ඔවුන් මෙහිදී පෙන්වා දී ඇත්තේ මෙසේ සිදු කිරීමෙන් නිසි පරිදි බදු ගෙවන ව්‍යාපාරිකයන් පවා අධෛර්යමත් වීම වැළැක්විය නොහැකි බවකි.
පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරන පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන සතියේ පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුව එය අනුමත කළ වහාම මෙම පොදු සමාව ලබා දීමට සූදානම් බවද දැනගන්නට ඇත.
ආණ්ඩුව බලයට පත් වූ වහා මෙවැනිම ආකාරයේ තවත් බදු සහන ක්‍රියාත්මක කළ අතර ඒ හේතුවෙන් ආණ්ඩුවට බිලියන 600ක මුදලක් අහිමි වී ගිය බවට විපක්ෂය චෝදනා කර තිබිණ.